• EPS TPIK යනු  රැකියා බලපත්‍ර ක්‍රමවේදයට සේවකයන් ඇතුළත් කර ගැනීම සඳහා H.R.D. (Human Resources Development Service of Korea)කොරියානු මානව සම්පත් අධිකාරිය විසින් පවත්වනු ලබන විභාගය වේ.
  • Employment Permit System (EPS) යනු දකුණු කොරියාවේ  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට සේවක පුරප්පාඩු  සපුරා ගැනීම සඳහා විදේශීය අඩු නිපුණතා සහිත පුද්ගලයන් ක්‍රමානුකූලව හඳුන්වාදීම සහ කළමනාකරණය කිරීම මගින් සේවකයන් තාවකාලිකව දකුණු කොරියාව තුළට ඇතුළත් කරගෙන එම ව්‍යාපාර වලට  ඇතුළත් කිරීම සඳහා දකුණු කොරියානු රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදය යි.
  • 2004 වසරේ රටවල් හයක හවුල්කාරීත්වයකින් හඳුන්වා දුන් මෙම වැඩසටහන අද වන විට රටවල් 16 දක්වා ව්‍යාප්ත වී ඇත.

දකුණු කොරියාවට පිවිසිය හැකි වීසා කාණ්ඩ කිහිපයක්,

  • E-1, E-2, E-3, E-4, E-5, E-6, E-7, D-5, E-9

E-1   Professor Visa:  විද්‍යාල මට්ටමේ අධ්‍යාපන පහසුකමකදී තම ක්ෂේත්‍රයේ දේශන පැවැත්වීමට හෝ පර්යේෂණ කිරීමට කැමති ජාත්‍යන්තර සේවකයන් මෙම වීසා බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ යුතුය. එය වසර 1ක් සඳහා වලංගු බහු-ඇතුල්වීමේ විකල්පය වන අතර, සේවකයින්ට සාමාන්‍යයෙන් වසර 1ක කාල පරතරයකින් එය අලුත් කළ හැක.

E-2  Foreign Language Instructor Visa: මෙම වීසා බලපත්‍රය විදේශීය භාෂා ආයතනයක, භාෂා පර්යේෂණ ආයතනයක, ප්‍රාථමික පාසලකට වඩා උසස් අධ්‍යාපන ආයතනයක, හෝ ව්‍යවසායක, විකාශන සමාගමක් හෝ වෙනත් සමාන සංවිධානයකට අනුබද්ධ භාෂා පුහුණු ආයතනයක සංවාද භාෂාව ඉගැන්වීමට අපේක්ෂා කරන ජාත්‍යන්තර සේවකයින් සඳහා විකල්පයකි. එය වසර 2ක් සඳහා වලංගු බහුවිධ පිවිසුම් වීසා බලපත්‍රයක් වන අතර සේවකයාට සෑම වසර 2කට වරක් අලුත් කළ හැක.

E-3 Research Visa: මෙම වීසා බලපත්‍රය දේශීය රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක ආරාධනයක් හරහා ස්වභාවික විද්‍යාව හෝ උසස් කාර්මික තාක්‍ෂණය පිළිබඳ පර්යේෂණ කරන කම්කරුවන් සඳහා වේ. E-3 යනු සෑම වසරකම අලුත් කිරීමේ විකල්පය සමඟ වසර 1ක් සඳහා වලංගු වන තවත් බහු-ප්‍රවේශ වීසා බලපත්‍රයකි.

E-4 Technical Instructor/ Technician:  ස්වභාවික විද්‍යාව හෝ තාක්‍ෂණය පිළිබඳ අසමසම පළපුරුද්දක් ඇති කම්කරුවන්ට දේශීය රාජ්‍ය හෝ පෞද්ගලික සංවිධානයක් විසින් ආරාධනා කළ විට E-4 වීසා බලපත්‍රයක් මත දකුණු කොරියාවට ඇතුළු විය හැකිය. මෙම වීසා බලපත්‍රයේ බහු ප්‍රවේශ අනුවාදයක් වසර 1ක් සඳහා හොඳ වන අතර සෑම වසරකම අලුත් කළ හැකි අතර තනි ප්‍රවේශ වීසා බලපත්‍රයක් මාස 3ක් සඳහා හොඳ වන අතර සෑම වසරකම අලුත් කළ හැක.

E-5 Professional Visa: E-5 වීසා බලපත්‍රය ජාත්‍යන්තරව බලපත්‍රලාභී සහ ඔවුන් තෝරාගත් ක්ෂේත්‍රය ප්‍රගුණ කිරීමට රජයෙන් අවසර ඇති ගෘහ නිර්මාණ ශිල්පීන්, නීතිඥයින්, වෛද්‍යවරුන්, ගණකාධිකාරීවරුන් සහ තවත් අය සඳහා වේ. කම්කරුවන්ට වසර 1ක් රැඳී සිටීමට බහු ප්‍රවේශ වීසා බලපත්‍රයක් තෝරා ගත හැකි අතර වසර 1ක කාල පරතරයකින් අලුත් කිරීමට හෝ මාස 3ක් සඳහා තනි ප්‍රවේශ වීසා බලපත්‍රයක් තෝරා ගත හැකිය.

E-6 Culture and Art Visa:  සංගීතමය, කලාත්මක හෝ සාහිත්‍යමය පසුබිමක් ඇති විදේශිකයන්ට මෙම බහු-ඇතුළු වීසා බලපත්‍රය වසර 1ක් සඳහා වලංගු වන අතර, එය සෑම වසරකම අලුත් කළ හැක.

E-7 Foreign National of Special Ability Visa:  මෙම වීසා බලපත්‍රය දකුණු කොරියාවේ විශේෂිත රැකියාවක් කිරීමට කොන්ත්‍රාත්තුවක් ඇති ජාත්‍යන්තර සේවකයින් සඳහා වේ. කම්කරුවන්ට වසර 1 සිට 3 දක්වා රැඳී සිටීමට බහු ප්‍රවේශ විකල්පය තෝරා ගත හැකි අතර එය වසර 1 සිට 3 දක්වා කාල පරතරයකින් අලුත් කළ හැක. ඔවුන්ට මාස 3 ක් සඳහා තනි පිවිසුම් වීසා බලපත්‍රයක් ලබා ගත හැකි අතර එය සෑම වසරකම අලුත් කළ හැකිය.

D-5 Long-Term News Coverage Visa:  මෙම වීසා බලපත්‍රය විකාශනය, පුවත්පත්, සඟරා සහ තවත් බොහෝ මාධ්‍යවල සේවය කරන වාර්තාකරුවන් සඳහා විශේෂයෙන් අදහස් කෙරේ. එය මාස 3ක් සඳහා හොඳ වන අතර වාර්ෂිකව අලුත් කළ හැක.

E-9 VISA (Non-Professional Employment): E-9 වීසා බලපත්‍රලාභීන් වසර 3ක ආරම්භක කාලසීමාවක් සඳහා කොරියාවේ රැඳී සිටීමට සුදුසුකම් ලබයි. මෙම කාල සීමාවෙන් පසු, ඔවුන්ට දිගුවක් සඳහා ඉල්ලුම් කළ හැකි අතර, එය ලබා දෙන්නේ නම්, අමතර මාස 22 ක් රැඳී සිටීමට ඔවුන්ට ඉඩ සලසයි.

  • E-9 VISA කාණ්ඩය

මෙම E9 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා අවස්තාවක් ලබා ගැනීම සදහා Employment Permit System (EPS) රැකියා බලපත්‍ර ක්‍රමවේදය සදහා ඇතුලත් විය යුතුය.

  • ස්ත්‍රී හෝ පුරුෂ වයස් සීමාව අවුරුදු 18 සහ 39 අතර පුද්ගලයකු වීම අනිවාර්ය වේ.
  • අයදුම්කරුවන් සඳහා  කොරියානු ජනරජයෙන් පිටුවහල් කිරීමේ හෝ පිටත්වීමේ නියෝග වාර්තාවක් නොතිබිය යුතුය, එසේම දකුණු  කොරියාවේ නීති විරෝධී ලෙස එක් දිනක් හෝ රැඳී නොසිටීම.
  • අයදුම්කරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත් වීමේ තහනමකට ලක් නොකර තිබීම.
  •  අයදුම්කරුවන් අපරාධ වරදකට සම්බන්ධ වීම, සිරගතවීමක් හෝ බරපතල දඬුවමකට ලක් වී නොසිටීම.
  • වර්ණ අන්ධතාවය වර්ණ දුර්වලතාවය නොමැති පුද්ගලයකු වීම අනිවාර්ය වේ.
  •  කොඳුඇට පෙලේ ආබාධයක් හෝ ඇගිලි ආබාධ නොමැති පුද්ගලයකු වීම අනිවාර්ය වේ.
  • දකුණු කොරියානු භාෂා විභාගය eps topic exam එක සමත්ව වීම අනිවාර්ය වේ.
  • වෛද්‍ය පරීක්‍ෂණය සමත්වීම ද අනිවාර්ය වේ.

මෙහිදී ඔබට ඒඩ්ස් රෝගය, ක්ෂය රෝගය හෝ හෙපිටයිඩිස් බී යන රෝග තුනෙන් එකක් හෝ තිබේ නම් වෛද්‍ය පරීක්ෂණයෙන් ඔබව අසමත් කරනු ලබයි.

  • පොලිස් නිෂ්කායනවා වාර්තාවක් ලබා ගැනීම.

මෙහිදී Police Clearance රිපෝට් එකේදී ඔබ  කිසිදු අපරාධයකට සම්බන්ධ නොවූ පුද්ගලයෙක් බවට පොලිස් මූලස්ථානය මගින් තහවුරු කර තිබිය යුතුය.  ඔබ අපරාධයකට සම්බන්ධ වූ පුද්ගලයකු බවට පොලිස් වාර්තාවේ සඳහන් වී තිබේ නම් වීසා නිකුත් කරන අවස්ථාවේ දී   එම පොලිස් වාර්තාව, තානාපති කාර්යාලයට යවන නිසා තානාපති කාර්යාලය මගින් අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයන්ට වීසා නිකුත් කිරීමක් සිදු නොකරනු ලබයි.

  • මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයකු නොවීම.

මෙහිදී අදහස් වන්නේ මත්පැන් හා සිගරට් නොවන අතර හෙරොයින් ගංජා වැනි  විවිධ කාණ්ඩයේ භයානක මත්ද්‍රව්‍යය  යි.  මෙයට හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ කරනු ලබන වෛද්‍ය පරීක්ෂණයට අමතරව දකුණු කොරියාවට ඇතුළත් වූ පසුවද එරටදී නැවත වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරනු ලබයි. එම වෛද්‍ය පරීක්ෂණයේදී ඉහත නම් කරන ලද මත්ද්‍රව්‍ය ඔබ වෛද්‍ය පරීක්ෂණය සිදු කරන දින සිට මාස හයකට පෙර හෝ ගෙන තිබේ නම් එය වෛද්‍ය පරීක්‍ෂණයේදී සනාථ වීමට බොහෝවිට ඉඩකඩ තිබිය හැකි අතර එසේ සනාථ වුවහොත් ඔබව නැවත ශ්‍රී ලංකාව වෙත හරවා එවනු ලබනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE)

රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ  ශ්‍රී ලාංකිකයන් දකුණු කොරියාව වෙත යොමු කිරීමේ කාර්යය අධීක්ෂණය  කරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයි. මෙහිදී HRD කොරියානු මානව සම්පත්  සංවර්ධන අධිකාරිය විසින්  විභාග පවත්වනු ලබයි. ඒ වගේම ශ්‍රමිකයන් බඳවා ගැනීම හා ලියාපදිංචිය සිදු කරන්නේද HRD ආයතනයයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එම වැඩසටහන සඳහා පසුබිම සකස් කරමින් යටිතල පහසුකම් සැපයීම සිදුකරනු ලබනවා. මෙහිදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා EPS TOPIC Exam එක සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඇඩ්මිෂන් ලබාදීම සිදු කරනු ලබනවා. ඔබට Exam Addmission ලබා ගැනීම සඳහා කල් ඉකුත් නොවූ විදේශ ගමන් බලපත්‍රයක් තිබීම  අනිවාර්ය වේ. 

මෙය ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදා වෙන්කොට ඇත.

1.කොරියානු භාෂාව පිළිබඳව අධ්‍යයනය  ( Korean Language)

2.කොරියානු සංස්කෘතිය පිළිබඳව අධ්‍යයනය  (Korean Culture)

3.කොරියානු රැකියා ආරක්ෂාව පිළිබඳව අධ්‍යයනය  ( Korean Occupational Safety)

4.කොරියානු රැකියා කම්කරු නීතිය පිළිබඳව අධ්‍යයනය (Korean Labor Law)

  1. භාෂා පරීක්ෂණය

    • මේ සදහා ඔබට කියවීම් ප්‍රශ්න  පත්‍රයක් ලැබෙන අතර එය ප්‍රශ්න විස්සකින් සමන්විත වේ. මේ සඳහා ඔබට විනාඩි 25 ක කාලයක් හිමිවන අතර එක ප්‍රශ්නෙකට ලකුණු 05 බැගින් පළවෙනි ප්‍රශ්න 20 ට ලකුණු 100 ක් ලැබෙන අතර සවන්දීමේ ප්‍රශ්න පත්‍රයේදීද ඔබට ප්‍රශ්න 20 ක් ලැබෙන අතර විනාඩි 25 ක කාලයක් ලබා දේ. එහිදීද එක් ප්‍රශ්නයකට ලකුණු 05 බැගින් ලකුණු 100 ක් ලැබෙන අතර මෙම කොටස් වල එකතුව 200 න් ගනනය කොට ඒ අනුව පිලිවෙලින් ඉහම ලකුණු ලබා ගත් අය මෙම විභාගයෙන් සමත් කරනු ලබනවා. මේ අනුව අදාල වර්ෂය තුලදී දකුණු කොරියාවට බදවා ගන්නා ප්‍රමාණය අනුව Cutoff Marks එක වෙනස් වන අතර එය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශය මඟින් පසුව දැනුම් දෙනු ලැබේ.
  2. කුසලතා පරීක්ෂණය (Skill Test)

  3. නිපුණතා පරීක්ෂණය (එය අනිවාර්ය නොවේ.)

මෙම භාෂා පරීක්ෂණය Computer Based Test (CBT) ලෙස, ඔන්ලයින් ක්‍රමයට කොළඹ දෙපානම, පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති විභාග මධයස්ථානයේදී පවත්වනු ලබනවා. එහිදී නියමිත කාලය අවසානයේදී ඔබ ලබා ගත් ලකුණු ප්‍රමාණය පරිගණක තිරය මත දිස් වෙනවා.

සියලුම සිසුන් විභාගය ආරම්භවීමට පැයකට පෙර එම ස්ථානයට පැමිණීම අනිවාර්‍ය වේ.

  1. නිෂ්පාදන කර්මාන්තය (Manufacturing Industry)
  2. ඉදිකිරීම් කර්මාන්තය (Construction Industry)
  3. ධීවර කර්මාන්තය (Fishing Industry)
  4. සේවා අංශය (Service)
  5. නැව් තැනීම් අංශය (Ship Building)

 

කොරියානු රැකියා විභාගයට මුහුණ දීමට පෙර විභාග ප්‍රවේශපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම්පත් පිරවීමේදී ඔබ තෝරාගන්නා රැකියා කාණ්ඩය එහි සදහන් කළ යුතුය. ඒ,

1. නිෂ්පාදන

2. ධීවර

3. ඉදිකිරීම්

4. සේවා

5. නැව්තැනීම් යන කාණ්ඩ වලින් එකකි.

එහි දී මෙම කාණ්ඩද නැවත අනු කාණ්ඩ වලට බෙදී යයි.

1. Manufacturing Sector

    • Assembley
    • Measurement
    • Joining
  •  

2. Fishery Sector

    • Sea farming
    • In and off-Shore Fishery

3. Construction Sector

    • Rebar
    • Carpentry

4. Service Sector

  • Service 01
    • Treatment and disposal of construction and demolition waste

    • Wholesale of materials for recycling

    • Refrigerated and frozen warehousing

    • Publishing of books, magazines and other publishing activities Music and sound recordings publishing

    • General cleaning of buildings

    • Waste collection, treatment and disposal activities; materials recovery

    • Agents involved in the sale of food, beverages and tobacco

    • Wholesale of other fresh food and dried, salted and frozen food

    • Courier activities

    • Other service activities incidental to air transportation
    • oAir and land cargo handling

  • Service 02
    • Hotels, Resort condominium, Other general accommodation and provision of accommodation with cooking facilities.

    • Korean food restaurants

5. Shipbuilding Sector

    • Scaffold
    • Insulation
    • Grinder

    • Welding and fit-up (tack welding)

    • Shipbuilding – Related manufacturing, etc

    • Piping, machinery, joinery, and electric cabling